Friday, May 16, 2014

මා වෙරිමතේ උන්නා


__________________________

ඊයේ හොඳට වෙරිමත වෙලේ
ගි‍යා කණ්නාඩිය ලඟට.
එහි නළුවෙකු තරම්
ප්‍රසන්න නැතත්
ගොන් බූරු හිනාවක් ඇති
බැලිය නොහැකි තරම්
අවලස්සනක් නැති
පුද්ගලයෙකු සිටියා..
මම ඔහුට සිනා උනා.
ඔහුද මා හා සිනා සුනා..
මා ඔහුට එරෙව්වා
ඔහුද පෙරලා මට එරෙව්වා..
මා හඬන්නට පටන් ගත්තා
ඔහුද මා හා හඬන්නට උනා..
අවසානයේ මට දෙයක් වැටහුනා.
මා තුල මා හැරුනු කොට,
වෙන කිසිවෙක් නෑ කියා...

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment