Friday, May 16, 2014

පාරමිතා තුන‍ක්


_____________________

විදියේ කොනක හිඳ නිවන් දකින්නට පාරමිතා පුරලා
වීරිය පාරමිතාව පුරන්නට ඈ රථයට ගොඩ වෙනවා

ඇඟ මස් දන් දි ඔබේ නොවේ මෙන් ඉවසාගෙන ඉන්නේ
බුදිනා යකුන්ට රිසිසේ උන් මුළු අහ‍රම වලඳින්නේ
මිය ගිය සැමියා අහසේ ඉන්නවද ඇසිපිය නොගසන්නේ

ප්‍රඥා පාරමිතාවේ දොරකොඩ කොහොමද අහුරන්නේ
ගුලිවුන රිදි‍යෙන් සියළුම කටයුතු කොහොමද කරගන්නේ
නිවන් දකින දා නංගි‍යේ යකුනුත් අරගෙන පලයන්නේ

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment