Thursday, May 15, 2014

බෝනික්කෝ විකුණන මල්ලියේ



ගල් විහාරේ ලඟ ඉඳන්
බෝනික්කෝ විකුණන මල්ලියේ
මං කරපු පවු ඉවර වෙන්නට
කල්පයක් මදි මල්ලියේ

පුංචි උඹගේ මූන බල බල
ගත්තේ බෝනික්කෙක් හොරෙන්
නංගි අඬ අඬ ඉන්න හින්ඳා
අක්ක එනකම් මඟ බලන්
වෛර නොකරන් - පපුව දැවුනා
මල්ලියේ උඹෙ මුව බලන්

ඇඳුම් කම්හල දුන්න සොච්චම
පූජ වට්ටිය ඉදිරුවා
නංගි සනසා ගන්න හිතලා
උඹේ වේලක් නැති කරා
වෙනත් භවයක උපදිනා විට
මගේ මල්ලිව ඉපදියන්
ඇඳුම් මහලා - කන්න දෙන්නම්
පවු කරපු අත් කැඩෙනකන්..

(පරණ පිටුවක් පෙරලමින්)

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment