Thursday, May 15, 2014

ඇය





_____________


මට නුඹෙන් තොර වූ යමක්
සිතීමට අවශ්‍යය විය.
ලිවීමට අවශ්‍ය විය..
මා නුඹේ කෙස් වැටියෙන් ඇඳන් ගොස්
හිතේ අඳුරු කාමරකට දමා අඟුල් දැමුවෙමි..
මා එලියට විත් ඉතිරි යමක් වේ දැයි
බලනා කල
හිතෙහි ලොකු අකුරින් එල්ලූ නාම පූරුවක් දිටීමි.
එහි "ඇය" යන්නෙන් සටහන් වී තිබිනි.
මා අගුල් දමා ඇත්තේ නුඹේ මුල්ලක
අදුරු කාමරයක
මගේ සිත බව
වැටහුනේ එවිටය..






R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment