Friday, May 16, 2014

සුනාමිය

අනේ තොපි කරාවේ
කියයි මිනිසුන් දුරාවේ
ගොඩ ගැලූ මහ මුහුද වී මුලාවේ
ගත්තේ බිලි නෑ බැලුවේ උපන් සහතිකේ

එක වලයි කැපුවේ පොදුවේනේ
නෑ බලලා වලදැම්මේ කුලේනේ
කියන් මිනිසුනේ ඇයි දැන් මුලාවේ
මරනයට නෑ වැදගත් උපන් සහතිකේ

කියනවා සහරුන් නැහැලු සහජීවනේ
එක බත් පත බෙදන් කෑවේ උන්මනේ
පැරදුනේ මහ මුහුද මිනිස්කම ඉදිරියේ
කිමැයි දැන් ඒවා අමතකව සිහලුනේ

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment