Friday, May 16, 2014

හිඳීවි කොතැන හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්

____________________________________

අවුරුදු පහ හයකට ඉස්සරල කෙල්ලො කියන්නේ අපිට මැජික් වගේ..දනහිසෙන් අඟලක් උඩට ගවුමක් හරි පුක බේරෙන්න තද වෙච්ච ඩෙනිමක් හරි ඇඳන් ‍යන කෙල්ලෙක් දැක්කම හරි අපේ කලිසමේ සිප් එකට පින් දී දී තමා ගෙදර යනකම් ඉන්නේ..ඒක එහෙම නෙමෙයි කියලා මොකෙක්හරි කියනවනම් ඒ බයිලා.. නැත්නම් ඌ ගේ කුරුල්ලෙක්..
ඒත් දැන් කාලේ වෙනස් වෙලා බන්.. කෙල්ලෝ පුදුම ස්පීඩ්. දැන් කෙල්ලෙක් ඇඳුම යට ඇඳුම පිටින් ගියත් අපිට ගානක් නෑ.දැන් ‍බාගෙට බාගයක්ම උන් ‍යන්නෙත් එහෙමයි. උන් ඇඳන් යන කලිසම් ගෙදර ගිහින් කකුලෙන් පන්න ගන්නේ කොහොමද මංදා.
එකෙක්ට එකෙක් පරාද නෑ..හැම එකාම සුපිරියි..
කොල්ලො අපි වගේ වෙනස් නෑ.අපි වගේ ගොන් බූරු පෙනුම තියන උන් නැති තරම්..

ගොඩක් කෙල්ලොන්ගේ සිතුම් පැතුමුත් එක වගේ,
අතේ පිච්චිය නෑ.ඒත් ඩොලර් ටෝක්ස්..
තට්ටු ගනන් වල ගෙවල්
වින් ඩීසල් පදිනවා වගේ කාර්
වැලන්ටීනෝ රෝසිගේ වගේ බයික් පදින කොල්ලො
මහ ලොකු ‍ටීවී එකේ යනවා වගේ වෙඩින්
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ආශික් 2 එකේ වගේ අඩිය ගහන කොල්ලෝ.
මේවගේ සංකීර්ණ ඒත් හරි සීනි බෝල පොදු බොළඳ හීන තමයි උන් ලඟ තියෙන්නේ..

උන් ලඟ තමන්ගෙම කියලා හීන නැති තරම්.
කාගෙන් හරි බලාගෙන copy කරපු හීනයක් හරි,
කාගෙන් හරි බද්දට ඉල්ල ගත්ත අනුන්ගේ හීන තමයි වැඩි හරියක් කෙල්ලෝ ලඟ තියෙන්නේ.

කොහොම කොහම හරි ඔය ඔක්කොම ටික එකතු කරල ගත්තම හරය කෙල්ලෝ ඔක්කොම එක වගේ..

සිතුම් පැතුම්, පෙනුම හැමදේකින්ම.

මේ ලෝකේ සීයට කීයක්ද ප්‍රතිශතයක් කොල්ලොන්ට වඩා කෙල්ලො වැඩියිලූ.. එහෙම එකේ කෙල්ලෙක් හොයා ගන්න එක මහ කජ්ජක් නෙමෙයි.
මම දැකලා තියනවා page වල අරෙහෙ මෙහෙ share වෙන ප්‍රසිද්ද photo එකක් තියනවා
"ජීවත් වෙන්න වටින්නේ අපි ආදරේ කරන කෙනා නෙමෙයි අපිට ආදරය කරන කෙනා" කියලා..මොන ගොන් බූරු කතාවක්ද බන් ඒක.කෙල්ලොන්ගේ පැත්තෙන්නම් ඒ කතාවෙ අවුලක් නෑ.. මොකද පිරිමි අඩුයි. ඒක නිසා හරි කෙනා තෝර ගන්න ඕන. ඒත් කොල්ලොන්ට එහෙම නෑ.පඳුරකට පයින් ගැහුවොත් හොඳ පොශ් කෑලි දහයක් විසි වෙනවා..

කවුරු මොන බයිලේ ගැහුවත් මොන සංගම් සංවිධාන තිබ්බත් මේක අදටත් පුරුෂයා මූලික සමාජයක්.. ඒකතමයි ඇත්ත.

"ආදර සෙනෙහස ලෙන්ගතුකම" යන පොදු දුර්වලකම් හමුවේ හැරුනු කොට පිරිමින්ට ගැහැණුන්ගේ අඩුවක් නැත..නමුත් මෙකී සම්බන්ධතා තුල සැබෑ පිරිමින් පොදු ගැහැණුන් මෙන් නොව හරි අවංකය.
වර්තමානයේ ගැහැණියට වටිනාකම ලැබී ඇත්තේ මෙකී පොදු දුර්වලතා තුල පිරිමියෙකු වාරණය වන පරාස‍ය තුලය..

වැදගත්ම දෙය වනුයේ "අපිට ආදරය කරන ගැහැණීය නොව අපි හරියටම ආදරය කරන ගැහැණිය.ආදරය සෙනෙහස ලෙන්ගතුකම යන පොදු දුර්වලතා තුල වැඩි ප්‍රමානයක් අපිව වාරණය කල හැකි ගැහැණිය තෝරා ගැනීමයි" ඒ ගැහැණියගේ වටිනාකමද වැඩිය.

මොකද පවත්නා පුරුෂයා මූලික සමාජය තුල අපිට ආදරය කරන ගැහැණුන්ගේ හිඟයක් නැත.

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

4 comments:

  1. ආදරයත් වාණිජකරණය වෙලා ඉවරයි බං..........

    ReplyDelete
  2. ''වැදගත්ම දෙය වනුයේ "අපිට ආදරය කරන ගැහැණීය නොව අපි හරියටම ආදරය කරන ගැහැණිය.''

    ReplyDelete