Friday, May 16, 2014

හිතුවක්කාරි


________________

වත්තම් කරමින් හිත හෙමින්
ඔච්චම් කරමින් මට හොරෙන්
දරදඬු පිරිමි හිතක්
සමඟ මේ මොන කවටකම් ද
හිත් මානයේන් හොල්මන් කරාට
සත්තකයි වහ වැටෙන් නෑ නුඹට
හිතුවක්කාරී..
තෙතමන්නේ නැති හිතක
ඵල කිමැයි කියන් මට
කොහොන් නම් නුඹට
හිනා ගේන්නද මම
ඉරි තැළුනු හිත් ‍යායෙ
ආයෙනම් මල් පිපෙයි ද
හිතුවක්කාරි..
සත්තකයි නුඹට කඳුළු ඇරෙන්න
වෙන දෙන්න බැඳීමක් නෑ මගේ ළඟ....

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment