Friday, May 16, 2014

ආමිස පූජා


_______________

ජාතික වීරයෙක්
එල්ලී ලයිට් කණුවක
පැද්දෙයි තාලෙට
වටරවුම මැද

අහෝ..
ඉල්මහා විරුසැමරුම
ජනතා විමුක්ති පෙරමුන
දැනුයි දැක්කේ
ගෝනි බිල්ලෝ එයිද
දන්නෑ ලියුව කියලා රෑට

වීරයනි,
නුඹේ නමට
මෙගා සංගීත ප්‍රසංගයක්
සූදානම් වෙරල අද්දර..
පාප්ප තවරලා
නුඹේ මූන අලවනවා
තාප්ප සේරම..
නුඹලාවැනි වීරයන්
හදනු බැරිකමට මිහිමත
චේ අලවගත්
‍ රතු කමිසකාරයෝ
සූදානම් අනිමිස පූජාවට,
ප්‍රතිපත්තියක් නැති කමට...

Hasta La Victoria Siempre

R é D R ü M

M ü R D è R

Posted via Blogaway


Posted via Blogaway

No comments:

Post a Comment