Tuesday, May 13, 2014

ලමාතැනීට තියන ආදරේ


________________________
ලැජ්ජා නැති සමනලයෙක්
හැවලොක් කහ ඉර උඩ
කොටහේන - මහරගම
හෙමින් ආ බස් රියේ හැපි
ඌ එතනම මියදේ..!
නින්දත් නොනින්දත්
අතහැර මොහොතක්
බැලූවේමි අනතුර...
ඈවරයි!!දෑවරයි!!!
සිරුර වෙන්දේසි..
බස් රතයවත් රියදුරු මහත්තයවත්
සද්ද නැත.
කොන්දොස්තර මහතා
"හරි යං යං" කෑගසයි..
බස් රතය ආයේ කොට කොට
ඉදිරියට ඇදැයි..
බස්‍ රතය ඉදිරියට යනවා නොව
මා අවට සියලු දේ
මා අතහැර
පිටු පසට ‍යනවා මට හැඟෙයි..
'කහ ඉරක් උඩ මිනිහෙක් හැපුනත්
නොබලන කොළඹ
සමනලයෙක් හැපුනම බලාවියේ"
මම ආයේ වීදුරුවට ඇලවී
තද වෙන්න එලිය නොපෙනෙන්න
ඇස් පියන් නින්දට වැටෙමි..
අදවත් නින්ද ගොස්
මහරගමට නොගිහින්
නාවින්නෙන් බහින්න
ඇහැරුනොත් හොඳයි...
කාටවත් නෑසෙන්න
මම මටම කියා ගත්තෙමි..

R é D R ü M

M ü R D è R


No comments:

Post a Comment