Friday, May 16, 2014

වැදි බණ


_______________

"නූතන ප්‍රේමය හා බෝතලය" තුන්සිය හැට පස් පැයේම බෝතලේ කටේ ගහන් ඉන්න මන් මේ ගැන කතා කරොත් උඹල ජෝක් එකක් වගේ වැදි බණක් වගේ දැනේවි ඒත් බන් කතා නොකර බෑ හිතුනා..

කෙල්ල තරහ උනගමන් කොල්ලා බෝතලේ කටේ ගහන් බුකියට පොටෝ එකක් දාන එක දැන් මාර රැල්ලක් වෙලා..අවුලක් නෑ මොනා හරි කරල කෙල්ල සෙට් වෙනවා නම්.. ඒත් බන් බෝතලේ පෙන්නලා උඹලා ඔය ලබා ගන්නදේ ද ආදරේ කියන්නේ???

මං දකින විදියට ගෑණියකගේ ආදරේ පවතින්නේ පවත්නා තත්වයටයි.. ගෑණියෙක් ආදර කරන්න ඕනේ ඒ මිනිහගේ යතා‍ර්තයටයි..නැතුව බෝතලේ කටේ ගහන් කරන බොරුවට නෙමෙයි..

1990 ගනන් වල ෆිල්ම් වල කෙල්ල වෙන එකෙක් එක්ක ගියාම කොල්ලා දුකට බොනවා..
ඒක දැකපු අපේ උන් ටික් දුකට බොන්න පටන් ගත්තා.. මොකද්ද බන් ඒ නපුංසක වැඩේ යකෝ බියුවම දුක අඩු වෙනවනම් ලංකාවේ බාර් නෑ..කොල්ලො බාර් කඩන් බීලා..මේ ලංකාවේ ඇතුලේ බූට් එකක් නොකාපු එකෙක් නෑ.ආසියාවේ ගෑණු හරි චපලයිනේ බන්.

දැන් කාලේ අලුත් වෙලා දැන් මේකේ ඉන්න සමහර උන් හිතාගෙන ඉන්නේ මේක ආශික් 2.උන් ඒකේ නළු අයියා කියලා. ඒක නිකම්ම ලස්සන ෆිල්ම් එකක් විතරයි බන්..

දැන් මේකේ "ඕමර් ඛයියාම්" ලා වැහි වැහැලා.
මේකේ ඉන්නූ උන් හරි දක්ශයි copy කරන්න.. උන්ගේ ආදරේ තනිකරම copy යක්. එකෙක් දුක් සීන් එකක් ලියලා කවියක් දැම්මමා ඒකේ පද ටික මාරු කරලා අනිත් එක දානවා. එකෙක් කෙල්ල එක්ක room ගියාම අනිකටක් ඒකම ඕන වෙනවා.ආදරේ කියන්නේ තමන්ගේ දෙයක් මිසක් copy කරන දෙයක් නෙමෙයි බන්.

ආදරේ සහ විරහව කියන්නේ බෝතලයක් කටේ ගහන් විඳින දෙයක්වත් chat box එකේ sex chat එකකින් විඳින දෙයක්වත් නෙමෙයි..ඒක හරියට අමුවෙන් ගහන ගල් ෂොට් එකක් වගේ. බඩ පපුව පුච්චන් පල්ලන් බැස්සත් ඒකේ මත් බවේ අමුතු රහක් තියෙන්නේ..ඒක වින්ඳින දෙයක් විතරමයි.. නැතුව උඹලා ඔය පේන්නන විදියේ විඳවන දෙයක් නෙමෙයි..
ආදරේ කියන්නේ මේකයි කියලා නිර්වචනයක් ලෝකේ නෑ.ඒත්ු සමහර උන් පෙන්නන දේ ආදරේ නෙමෙ‍යි කියලා විතරක් මං දන්නවා.

මේකේ ඉන්නේ පරාජිත බෝතල් අතේ තියන් දඟලන ප්‍රේමවන්තයෝ ටිකට ගොඩක් ආදරෙන් කියන්නේ..

බීපල්ලා කෙල්ල තරහා උනාම නෙමෙයි තමන්ගේ ලල්ඒකට..
බීපල්ලා කෙල්ලට හොරාට නෙමෙයි කෙල්ලට කියලා.
බීපල්ලා මිනිස්සු නැති කරගන්න නෙමෙයි මිනිස්සු හම්බ කරගන්න..
ලියනවනම් ලියපල්ලා අනුන්ගේ කවියක වචන මාරු කරලා නෙමෙයි තමන්ගේ ආදරේ ගැන.
විඳපල්ලා ජීවත්වෙයල්ලා copy කරලා නෙමෙයි තමන්ගේ විදියට තමන්ගේ style එකට.

නැත්නම්ූ උඹලගේ සුකුරුත්තම් වැඩ වලට අපේ demand එකයි බහින්නේ..

රස්තාෆාරියානුවෙකුට දෙවියන්ට කිට්ටු විය හැකි කෙටිම මාර්ගය ගංජා වගේම..
බේබද්දෙකුට හිතට කිට්ටුවිය හැකි කෙටිම මාර්ගය තමන්ගේ බොතලයයි...(වැදගත්ම දෙය අරූපී දෙවියන් වැඩ සිටින්නෙත් සිතෙහිම වේ.)

ඒ නිසා මගේ බෝතලේ පජාත කරන්න එපා..

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment