Friday, May 16, 2014

මටත් උන්නා යාළුවෙක් - කියා "සින්නා"


______________________________

බාල වියේ ඉඳලා - එකට හිටි සින්නා
මොකද අනේ මංදා - මාව දැමුවේ පන්නා
දවසක්දා මතකයි - බෝල ගහලා දින්නා
එදා එක්ක ආවේ - නුඹව කර පින්නා

ඊයේ හවස් යාමේ - ඇඳිරි නීති දාලා
තිබ්බ නිසයි සෝමේ - ගියේ නුඹව දාලා
මර්කට් එක ඇතුලේ - මිනිස්සු වැඩි වීලා
තනියම බෑ සින්නා - වැඩ ටික ගොඩ ගැහිලා

පුංචි කාලේ වාගේ - එකට බෝල ගහලා
කෝවිල ලඟ වැටිලා - පොල් ඔක්කොම කාලා
ඔයාලගේ අම්මා - හදන මෝරු බීලා
එකට ඉමු සින්නා - තරහ අතහැර දාලා

අද හැනඳෑ යාමේ - මුදලාලි කියලා
පොලිසිය ඇවිදින් - ඔයා ගියා කියලාඔ
දන් ගත්තට පස්සේ - හරියටම දැන ගත්තා
මාව පන්න ගත්තේ - ආදරේට කියලා

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment