Saturday, May 24, 2014

මරණය එනු මැන ii





__________________________

සිතුවිලි සෙනඟ ගොඩ ගැසී ලඟ ලඟම එන මලගම ගැන
කතා හරි හරියට..
ඉතින් කියන් තව දවස් කීයද මල ගමට..
හෙමින් ඉකි ගසන පාළුව බඳියි
සුදු කොඩි තාලෙට..
හිතින් හොරාට වැක්කෙරෙන කඳුළු බිඳු එකතු කර සීරුවට
හදයි රසවත් බීමක් මල ගෙදර සංග්‍රහයට
මලගම දාට හිස ඉස්මත්තේ දැල්වෙන පහනට
තෙල් බිඳුවක් වක් කරන් නැති ජීවිත‍යෙන්
මට ඇති ඵල කිමද..
මරණය එනු මැන මා කෙරේ..
වැළඳ ගනු මා
ආදරයෙන් උණුහුමට..


R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment