Thursday, May 15, 2014

හනික වරෙන් මැණිකෙ මගේ




ඔහේ යන්න කොහෙද එන්නේ
වත්ත මගෙයි නුඹේ නොවේ
සහේ වැටුනු හිත අරගෙන
මොනවද සිත්තම් කරන්නේ

පෙම් පාටට රිදී වලා
ඇස් මානෙන් හසු නොවෙන්නේ
සහේ දාපු හිත අරගෙන
ඇයි පැදුරට හොරෙන් ‍යන්නේ

පහේ දාල බත් මුට්ටිය
නුඹට කියල ඉද්ද වන්න
හින තියන් ලිප හෙමිහිට
කුස්සිය මුල හූල්ලන්නේ

හනික වරෙන් මැණිකෙ මගේ
මගේ කුස්සියේ පාලු යන්න
හිත කියනව නුඹ නැතිවම
පෙමක් නෑලු මෝදු වෙන්නේ..

No comments:

Post a Comment