________________
අලුත් දවසක් පටන් අරන්.. ඇඳ මාව බදාගෙන නිදි වදින්න ආසාවෙන් බලන් ඉන්නවා.ඊට කලින් හිතට ආපු දේ ලියලම ඇඳ සනසන්න හිතුනා.
"සුදූ ඔයා මගේ පන.අද වෙනකම් මම වෙන කෙනෙක් දිහා බලලා නෑ.බලන්නෙත් නෑ.." බස් එකේ පෙම් මුල්ලකට වෙලා ඔය ටික කියන්නෙත් ඉස්සරහ ඉන්න කොකා කෝලා බෝතලේ වගේ ඇන්ටිගේ පස්ස දිහා බලන්. දැන් ගොඩක් උන් කියාවි "අපෝ මූ කියන වල් කතා. අපි නම් එහෙම් නෑ.අපි හොඳ ලමයි" කියලා..
එහෙම කියනවා නම් ඌ කොල්ලෙක් නෙමෙයි. එක්කෝ කොලු කොලුකාරයෙක්. එහෙමත් නැත්නම් රහත් වෙලා.
පිලිගත්තත් නැතත් ඇත්ත ඒක බන්..
අමාරුවෙන් කෙල්ලෝ හිරට ගහගෙන පස්සෙ කෑල්ලක් පේන්න පලාගෙන යන්නේ උන්ට කන්නාඩියෙන් බලන්නද..
නෑ අපිට බලන්න..ඉතිං හත්දෙයියනේ ඕක බලලා රස වින්ඳ කියල ඇති වැරද්ද මොකද්ද???
දැන් කෙල්ලෝ නම් කියයි "අපෝ එහෙම එකෙක් අපිට නම් එපා " කියලා.ඒ කියුවට ඒ කෙල්ලගේ තාත්තා එයාව බස් එකට දාලා එයාගෙම යළුවගේ කකුල් දිහා බලනවා ඇති.. ඒ තරම් කර්කෂ්ඨ සමාජයක් බන් මේක.
මොලේ තියන ගෑනු දන්නවා, ඒක පෙන්නුව ඇඟ බේරන් පැත්තකට වෙන්න.
මොලේ තියන මිනිස්සු දන්නවා, ඒක ඇහෙන් බලලා හිතෙන් අල්ලා රස විඳින්න..
වැදගත්කමෙයි වල්කමෙයි වෙනස ඒක..
ඒත් ජීවිතේ එක අවස්ථාවකදී ඔය කියපු කතන්දරේ කනපිට පෙරලෙනවා..
රාගය සහ අනුරාගය..
අතින්වත් අල්ලන් නැතිව ඇහෙන් දකින්නෙවත් නැතිව ඇඳට ගන්න පුළුවන් ගෑනියෙක් හැම මිනිහෙක්ගෙම ජීවිත වලට එනවා. ඒ ආදරය කියන පහන් හැඟීම එක්ක.
ඒ තමන් බඳින ගෑනිමයි කීවොත් ඒක පට්ට පල් බොරුවක් බන්.1% වත් එහෙම වාසනාවන්ත උන් නැතිව ඇති.ඒ අපි ලබා උපන් හැටි.
එත්,
අවුරුදු හැට හැත්තෑව ගිහිල්ලත් ඒ දේ නොවිඳපු උන් මේ ලෝකේ ඕන තරම් ඇති..
ඒ වගේම
අවුරුදු හැට හැත්තෑවක් ගිහිල්ලත්
අතින්වත් නොඅල්ලපු, සුවඳවත් නොදන්න, හරි හැටි රූපයක්වත් මතක නැති ගෑණු එක්ක එක්ක ජීවත්වෙන මිනිස්සුත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා බන්...
අව්වට රත් වෙන, පින්නට cool වෙන මේ ගෙන්දගම් පොලවේ ජීවත් වෙන් මිනිසුන්ගේ වල්කම මට පේන්නේ ඔහොමයි බන්..
R é D R ü M
M ü R D è R
No comments:
Post a Comment