දවසේ ලස්සනම වෙලාව මේක.ඉරටත් අයිති නැති හන්ඳටත් අයිති නැති..මගේ හුස්ම වල හන්ඬ ඇරුන කොට වෙන කිසිම සද්දයක් නෑ.තව පැයකින් නැත්නම් දෙකකින් මේ මොහොත ඉරට අයිතිවෙයි.අළුත් දවසක් අරන් ඉර එයි.ජීවිතෙත් දැන් හරියට මේ ගෙවන තප්පරයේ ඇති නිහැඬියාව වගේ.හුස්ම ගන්න හන්ඬ හැර වෙනත් ඉතිරියක් නැත.
ජීවිතේ විසඳගන්න මීට වඩා හොඳ විදියක් හොයා ගනින් කියලා ගොඩක් වෙලාවට හිත කියනවා..කම්මලේ ඉන්න බල්ල වගේ ඔහේ හිත කියන හැම නෝක්කාඩුවක්ම අහන් ඉන්න එක පුරුද්ද වෙලා..
වෙලාවකට හිතෙනව ඔයා ජිවිතේ මාව එක්කන් ගිය දුර වැඩිද කියලා,නෑ වැඩියක් නෑ ඒක හිතට හරි අස්වැසිල්ලක්.ජීවිතේ හම්බෙන හම්බෙන හැමදේම ඔයා එක්ක ගලපගන්න පුලුවන්.පුදුමේ කියන්නේ ඒ හැම දෙයක් එක්කම ඔයාගේ මොකක් හරි බැඳීමක් හොයාගන්න පුළුවන්..
ආපහු හැරෙන්න දන්නැති පාරක මම ගොඩක් දුර ආව තන්ගම්.ඔයා නැතිව අඩියක්වත් ඉස්සරහට යන්නවත් ආයෙම අළුත් පාරක යන්නවත් හිත්ටවත් මටවත් කිසිම වුමනාවක් නෑ.නැවතුන තැනම ජීවිතේ ඔහේ තිබුනාවෙ..ආයෙම ආපු දවසක හුස්මක් කටක් ගන් නැතිව ඔයාට කියන්න දේවල් ගොඩක් තියනවා ඩා..එක්කෝ මුකුත් නොකිය හුස්ම කටක් ගන්න ඉඩ නැති තරම් තද කරලා ඔයා තුරුල් කර ගන්නවා.පුරුදූ විදීයට මුකුත් නොකියම හැමදේම කියා ගමු අපි.
අල්ලා දෙවි පිහිටයි.
No comments:
Post a Comment