ඉතිං කියන් වරා මලේ අලුත් කතාවක්
ලඟින් ඉඳන් වාඩි වෙලා පෙර නොකී කතාවක්
පෙමක් නැතත් හිතත් තියන් කොහෙ යනවද පාවීලා
හිඳින් ටිකක් නැවතීලා කියන් ඉතින් මටත් කතාවක්
කෝඩ සුළං අහස් ගැබේ
වැරහැලි නුඹේ පෙති ගිලිහෙයි දැනී මට බියක්
මලක් වගේ රැකුමට බැරි නුඹත් තව මලක්
ඉතිං කියන් වරා මලේ මටත් කතාවක්..
ලඟින් ඉඳන් නැවතීලා තවත් කතාවක්...
උණු හිම තව ගුලි ගුලි කැට තියන් මම තවත්
කියන් කිමද ඵල කිමදැයි නුඹව නැති ලොවක්..
සුවඳ නැතත් ලෙන්ගතු වැඩි නුඹත් තව මලක්..
ඉතිං කියන් වරා මලේ මටත් කතාවක්..
ලඟින් ඉඳන් වාඩිවෙලා තවත් කතාවක්...
R é D R ü M
M ü R D è R
.jpg)
No comments:
Post a Comment