Friday, May 16, 2014

නඩු නැති හොරු



_______________________


කිලෝ එකට අටසීයක් කිරා    - දෙන
ඉවත බැලූ සැනින් කුණුවුන බඩු - දමන
අසරණ මිනිසුන්ගේ සේසතටම   - විදින
ණයට දෙතොත් දිනයත් බිලටම - ලියන

රුපියලටත් පොඩි දරැවන් ‍යට  - කරන
බසයෙන් බනින විට කුණු වදනින් - බනින
ඉතිරි සල්ලි මැරුවටවත් ‍යලි   - නොදෙන
සෙනඟ නොමැති නම් වරුවක් හරි - කොටන

ආත්මයට ලිපිකරු පුටුවට     - නො එන
කීයක් හරි දෙතොත් විතරක් වැඩ - කරන
ඩියුටි වෙලාවේ බිස්නස් වල   -  දුවන
නොවරදවාම හවසට ඕ.ටී  - කරන

මේකප් වලට පලවෙනි පැය ගත - කරන
සියොලඟ පේන ලෙස සාරිය සකස - ගෙන
නොවී විඩා ලොක්කගේ සරතැස  - නිවන
වැඩකට කෙනෙක් ආ කල ගෑස්  - පෙන්නන

පාසැල් ඇරෙන තුරු ටියුෂන් ගැන - හිතන
අධ්‍යාපනයේ වටිනාකම නැති      - කරන
වෙන දරුවන් සූරා කෑමෙන්      - හැදුන
එම මුදලින් තම දරුවන් ‍රට     - යවන

නිල රථයෙන් පවුලේ වැඩ ටික  -  කරන
ප්‍රයිවට් සෙකට්ට්‍රිව නිති සුරත්ල්  - කරන
වැඩ බැරි නිසා ඇමතිගේ දෙපතුල - ලෙවන
කොමිස් මුදල් තනතුරු හීනෙන්  - දකින

නිකමට නැගිට්ටත් දාහක් නම්  - කපන
ඕනෑ කමින් නඩු සේරම දික් - ගහන
අසරණයගේ ඉහමොල ටිකටත් - විදින
හැරමිටියකට වැටුනත් පැන්ෂන් - නොයන

මහජන‍යා රැකුමට ගිවිසා - සිටින
වැරදි නොමැති අයගෙත් ඉල ඇට - කඩන
මුදල් දෙතොත් නීතිය බල්ලට - දමන
අසරණ මිනිසුන්ට නම් හයියෙන් - බුරන

බුදු හිමියන්ගේ නිර්මල රුවත් - විකුණන
පදික වේදිකාවේ බිම  -  අතුරගෙන
එහෙම නැතොත් හකුළා ඉනේ - ගහගෙන
මුදලාලිලා සිටිනා රටට නැහැනේ - හෙණ

ලක්ෂ ගණන් වටිනා සිවුරුම - අඳින
රුපියල් ‍තිස්දාහ අරන් බණ - කියන
දානේට ඇවැසි දේ කල් ඇතිවම - කියන
උපාසිකාවන් අරගෙන නිවන් - යන

අධ්‍යාපනය නිදහස් ක්‍රමයට - ලැබුණ
රටේ දිලිඳු අයගේ බද්දෙන් - ඉගෙන
ඉංජිනේරු දොස්තරකම ලැබුණ - දින
පරම්පරාවම අරගෙන රට  -  පනින

ඩිජිටල් කරලා සංගීතය කා - දමන
ආදරයට රාගය කලතා - ලියන
හෙළුවැල්ල එලියේ දමා පොටෝ - ගහන
මෙවන් කලාවක් ලෝකයේ වෙන - කොහෙද


R é D R ü M

M ü R D è R

(දන්න කියන ගොඩක් අය ගැන ලීවා.අඩුවක් පාඩුවක් මදියක් හිත රිදුමක් උනානම් කාගේ හරි සමාවෙලා නොකියවුන හොරු තව ඉන්නවනම් මේකට එකතු කරන්න)

Posted via Blogaway

No comments:

Post a Comment