Friday, May 16, 2014

පියවරු

පියවරු ඇයි කවි නොගයන්නේ
කියලා නෑ දෙවියොත් දන්නේ
උන්ගේ හිත් තුල ඇවිලෙන දුක් ගිණි
කොහොමද දෙවියෝ දැන ගන්නේ

නැලවිලි ගී ඇයි නොගැයෙන්නේ
කියලා ඇහුවට පැටවුන්නේ
යන්නේ මහබර උසුලන දෙපයින්
ඒ බර නෑ ඔබලට දෙන්නේ

උදේම නිවසින් පිට වෙන්නේ
ඒ හිංදයි ලොව එළිවන්නේ
දරුවෝ ලෝකයේ කිරුළක් පලඳින
දිනයට පියවරු බුදුවන්නේ...

― රිද්ම රසංජන තෙන්නකෝන්..


Posted via Blogaway

No comments:

Post a Comment