Wednesday, May 14, 2014

දයාබර සුරන්ගනාවිට,

හීනයක පුරවන් ආදරේ
මිය දෙනව නින්දටත් රහසේ
කර්කෂ්ඨ කොලොම්පුරයේ
කහ ඉරක් මත මිය යන
ප්‍රේමයක් මට හමු උනේ..

සමාවෙයන් හිත මට,
පන කෙන්ඳ රකින්නට
වතුර උගුරක්
දෙන්නවත් බැරි උනානේ
අනේ මට..

එකතු වූ
කප්පරක් සිතුවිලි සෙනඟ
දොස් ගොඩක්
නඟයි මට
මන් කියා
මක් කරන්නද
මා දෙවියෙක්
නොවූ පවට..

නුඹේ ආදරණීය
රස්තියාදුකාරයා..

සුරන්ඟනාවෝ රස්තියාදුකාරයෝ පෑහෙන ලෝකයක් නෑ..ඊරිසියාවක්ද,දුකක්ද තනිකමක්ද මන්දා ඒත් කොටුව ස්ටේශම දකින හැම පාරකම ඔයාව ගොඩක් මතක් වෙයි සුරන්ගනාවි..

No comments:

Post a Comment