Friday, May 16, 2014

හෙට අළුත් දවසක්


________________________

නියඟලා මල් පැහැ අහස
කඳුළු වන් පැහැ මුහුදේ ඔබන්
හුස්ම අදිනවා
මියදෙන්න දවස..
නුඹ නොහිටියත ළඟ
දවසක් හෙටත් අළුත් තව..

අසංවාදී සුසුම් පොදි මිටි
පිලිවලට සීරුව
අතුරලා ප්‍රේමයක්
විඳිනවා මං තවමත්..

හීනියට උනුහුමක්
දැනෙනවා තාමත්
මතකයක් දිගේ
හිත ගිහින් බෝ දුරක්
කියනවා සෙනෙහෙබර කතාවක්..

කිටි කිටියේ ගුලිවෙලා
උර තලේ හිස හොවන්
මැවූවා අපි
සොඳුරු හීනයක්
සහතිකයි මතක නෑ
නුඹට නම් ඒ වගක්..

ජීවිතේ නැවතිලා
නිනව්වක් නැති ඉසව්වක
මගේ ලෝකේ ඉර හඳින්
හෙට නුඹට අළුත් දවසක්..
අවසරයි නික්මෙන්න
අද දවසින් මට
අදත් මට ගිම්හානේ
අඳුරු හැඳෑවක්..

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment