Saturday, May 17, 2014

විකටයෙක් ජීවිතේ දෙස හැරී බලයි



______________________________

හිනා වෙනවා කියන එකේ අමාරුකම මම හොඳට දන්නවා.හිනාවක වටිනකම මම හොඳට දන්නවා..
සමහර වෙලාවට මටත් දුක හිතුනම හිතෙනවා අනේ දැන් හිනා වෙන්න තිබුනනම් කියලා..

ඉතිං මම මගේ වටේ ඉන්න අනිත් අය හිනස්සන්න පුරුදු උනා.
මිනිස්සු හිනස්සලා ඒ දිහා ආසවෙන් ලෝබකමෙන් බලන් උන්නා.
ඊට පස්සෙ හිතින් චිත්‍රයක් මවා ගත්තා හිනාව කියන්නේ මේ වගේ දෙයක් කියලා.

දින සති මාස අවුරුදු ගෙවිලා ගිහිල්ලා,දැන් ඒක මගේ පුරුද්දක් වෙලා...
හිනා උන ගොඩක් අ‍යට මම හිනා උනාද නැත්ද වැදගත් උනේ නෑ.
හැමෝටම ඕන උනේ හිනාවෙන්න..

ඔව්,
උඹ හැමෝටම පේන විදියට ජීවත් වෙනවා.
හුස්ම ගන්නවා..කනවා..හොඳට බොනවා..ආතල් එකේ ඉන්නවා..
උඹලට ඒක පේනවා දැනෙනවා..
ඒත් මට...

සමහර වෙලාවට කොහේ හරි දුවලා ගිහිල්ලා හැංගෙන්න හිතෙනවා.
උඹලා හැමෝටම වඩා උස තැනකට නැගලා මහ හයියෙන් කෑ ගහලා කියන්න හිතෙනවා
මම ආයේ උඹලා කවුරුවත් හිනස්සන්නේ නෑ කියලා..
ම්ම්ම්.. උඹලට මේවා කියලා ඇති වැඩක් නෑ.උඹලට තේ‍රෙන් නෑ..

වෙලාවකට හිතට මහ බයක් එනවා හිනාව කියනදේ කවද හරි මේ තුන් ලෝකේ කොහෙන් හරි හම්බෙන දවසක මට හිනාවෙන විදිය අමතක වෙලා තියෙයිද කියලා.
නෑ මං එහෙම වෙන්න දෙන්නෑ.මං අදත් උඹලවා හිනස්සනවා.ඒ චිත්‍රේ අදත් මගේ හිතේ අඳිනවා..

මොන දේ උනත් එකක් මතක තියා ගනිල්ලා මාත් උඹලා වගේම මනුස්සයෙක්.
ම්ම්..
ඒ වගේම මාත් දෙයක් දන්නවා මම උඹලට නැතිවම බැරි විකටයෙක් කියලා..
මොකද මම වගේම උඹලත් හිනාවට ලෝබයි කියල මම දන්නවා......

R é D R ü M

M ü R D è R

No comments:

Post a Comment