Friday, May 16, 2014

හිතුවක්කාරිට


___________________

"බීප් බීප්" දුරකතනය නාද වෙන්නට විය..මට එදා එය දැනුනේ මගේ හදවත "ලබ් ඩබ්" ගානවා වැනිය..මා මොහොතක් සිතිවෙමි සැබවින්ම ගැහැන්නේ මා හදවතද, නැතිනම් දුරකතනයද.. මගේ දැහැන බිඳිමින් අනෙක් පසින් හඬක් මතු විය.. ඒ ඇයමය.. බුකියේ inbox එකේ ඇති සැර එහි නොවීය..ඇය කතාව ඇරඹීය..
"අයියේ......"
ටිකෙන් ටික
සීරුවට මේ කතාව දිග හැරෙන්නට  විය.
සතියක් ‍යාමටත් මත්තෙන් ඈ මගේ "සුදු නංගි" මා ඇගේ
"මගේ අයියා,සුදු අයියා,සුදූ,රත්තරං,මැණික,සුදු මහත්තයා" විය..
කාලය ඔහේ ගෙවී ගියේය..

සුපුරුදු පරිද්දෙන් අදද මා දුරකතන ඇමතුමක් ගත්තෙමි..
ඒ පුරුදු ආදරයෙන් නොවේ.හිත කැකෑරෙන තරහින්..ඒත් පුරුදු "බීප්" හඬ ඇසෙන්නට විය.. කතා කරන්නේ ඇයම බව දන්නා බැවින් හදවතේ හඬ අසන්නට අමතක විය..
සුපුරුදු අහිංසක හඬ මතු විය..
"මතකද මාව" මම අද කතාවට මුල පිරීය..
"කවුද ඔයා" ඇය ප්‍රතිඋත්තර බැඳීය..
මට ඇය නොවේ, ඇගේ අම්මා අප්පා සිහිවිය...
______________________________________________________
සුපුරුදු විදියට අහස බලන් සිගරුටුවක් පත්තු කර කටේ ගසා ගනිමි මේ වෙච්ච කුනුහර්පේ ගැන හිතන්න ගත්තා.. ඇත්තටම මොකද බන් උනේ."ඉක්මන් කොටයි" කියන්නේ මේකටද.ඈය තවම ජීවිතේය නාඹ‍ර වියේ බහ තෝරන වයසේ කෙලි පැටික්කියෙකි.. මේ ගෑණි මොකද්ද ඒ කලේ.
මේ ගෑණිට මාව එපා වුනේ මන් අහවල් ලබ්බක් කරාටද..හිතේ පැටලුන ප්‍රශන දාහයි බන්.
මං තව දුම් වලල්ලක් ‍යවමින් සිද්දි එකින් එකට ගලපන්න පටන් ගත්තා.

"කෙල්ලෙක් මගේ ඉදිරියේ ඇති විට මා විශ්වාස කල යුත්තේ මගේ ඉදිරියේ ගැහැනු රූපයක් ඇත" කියන ප්‍රමානෙනට විතරයි බන්.. මොකද ඒ ගෑණිගේ හිත අපිට පේන් නෑ..

උන් තාම ජීවිතේ බහ තෝරන වියේ නාඹර කෙල්ලො.. උන් හරි ආසයි විවිදත්වෙට. උන් අපේ ලඟ නැති වෙන එකෙක් ලඟ තියන මොකක් හරි කෙහු‍රක් හැම වෙලේම හොයනවා.
උන් අතනින් චුට්ටයි මෙතනින් චුට්ටයි කාල හොඳම කෑම හොයනවා..
මං ඒකේ වරදක් දකින් නෑ..ආදරේ කරන්න ඕන තමන්ට හරියටම ගැල පෙන කෙනාට.
ඒත් උන් ඒ කරනවිදිය හරිද.

උන් හිතන් නැති දෙයක් තියනවා මේ ලෝකේ සමහර කොල්ලෝ හරිම තද හිත් තියන උන්.
කෙල්ලෙක් හිතට ඇල්ලුවොත් ගලේ කෙටුවා වගේ..මැරෙනකම් අමතක වෙන් නෑ.එහෙම කොල්ලෙක් උන් උන්ගේ පෙර පුහුණුවීම් වලට අල්ල ගත්තොත් ඒක මහ පව් කාර වැඩක්

ඔය නාඹ‍ර ගැටිස්සියොන්ගේ ආදරේ හරිට මඩේ හිටවපු ඉනි වගේ..
ඔහේ වැනෙනවා..තේරුමක් නැතිව..econ පන්ති ගියපු එකම එක දවසේ උගන්නපු උපයෝගීතාවට හොඳම උදාහරණයක් තමා මුන්ගේ ලව්.

කොල්ලෙක් පස්සේන් එන මුල් කාලේ මුන්ගේ අස්ප ලයින්.අපිටත් ඒක මාර ලල්.කෙල සොටු පෙරන් පස්සෙන් ‍යනවා.. ටික කාලයක් යනකොට උන් අපේ පස්සෙන් එනවා."අයියේ ඕවා බොන්න එපා,අයියේ ඕව කන්න එපා, අයියේ අරූ එක්ක කතා කරන්න එපා,අයියේ ඔතන චූ දාන්න එපා" දාහක් දෙවල් බන්.ඒත් තා ටික දවසකින් "මට ඔයා මතක නෑ.." " ඔයා කවුද?.."  ඕක තමයි ඇත්ත බන්.

උන්ගේ ආදරේ හරිම වේගවත් දවසින් දෙකෙන් ඇඳට නඟිනවා..ඒත් ඒතරම්ම වේගෙන් ඒ ආදරය පරන වෙනවා බන්..

අන්තිමත කියන්න එක දෙයක් මතක් උනා බන්
"එක යතුරකින් දොරවල් ගොඩක් අරින්න පුලුවන්නම් අපි ඒකට සුපිරි යතුරක් කියනවා..ඒත් එක අඟුලක් ‍යතුරු ගොඩකින් අරින්න පුලුවන් නම් අපි ඒකට බාල අඟුලක් කියනවා.."

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment