Friday, May 16, 2014

අනේ මංදා

මොන්ටිසෝරි යන කාලේ හැම දෙමළෙක්ම මට කොටියෙක්..සෙල්ලම් බයිනස්කෝප්පුව අරන් මායි අක්කයි අනුලයි තොප්පි ගල කන්දේ කොටි බලනවා ජනේලේ එල්ලිලා..(පේන මගුලක් නෑ ඒත් අන්න කොටියෙක් ගියා කියල කෑ ගහනවා)
මොන්ටිසෝරි ගිහින් එනකොට ටිකක් කළු මිනිහෙක් දැක්කම අන්න අම්මේ කොටියෙක් කියලා කෑ ගහනවා.
පහ හය වසර වලට ආවම මට මුස්ලිම් මිනිස්සු පේන්න බෑ..
ඉස්කෝලේ ඇරිලා එනකොට මුස්ලිම් කෙනෙක් දැක්කම තම්බියෝ හූ හූ හූ කියලා කෑ ගහනවා.
ඒලෙවල් කරන කාලෙට එනකොට පල්ලියේ මංගල්ලේ වරද්දන් නෑ හැම අවුරුද්දෙම..
හැත්ත බුරුත්ත පිටින් රිංගනවා. එක්කො කා එක්ක හරි කොක්කක් දා ගන්න. නැත්නම් කෑලි බලන්න..
වයසින් මහ ගොඩක් නැත්ත මනසින් ඊට වඩා ටිකක් මම දැන් ලොකුයි.ඉතිං මං ඒ පොඩි කාලේ කරපු වැඩ මුකුත් කරන් නෑ මම.ඒත් මට වඩා මනසින් වයසින් ගොඩක් වැඩිමහල් අය ඇයි තාමත් මම පොඩි කාලේ කරපු තවමත් කරන්නේ කියලා නිකම් හිතුනා..

R é D R ü M

M ü R D è R


Posted via Blogaway

No comments:

Post a Comment